නීතීඥ සංගමයේ ඉල්ලීම ඉවතට.. පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්.. 22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි..
යෝජිත විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සදහා, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතීත්වයෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.
අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාට අමතරව, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරු මෙම පංචපුද්ගල විනිසුරු මඩුල්ලට ඇතුළත් වේ.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සදහා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දහතුන් දෙනාම අසුන්ගත යුතු- බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා තිබුණි.
පෙත්සම් සලකා බැලීම හෙට (01) දින සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
නීතීඥ සංගමයේ ඉල්ලීම ඉවතට.. පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්.. 22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි..
2026-08-31T15:06:00+05:30
Gossip Lanka Hot News






