ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ඉරාජ් වීරරත්න, මිලින්ද රාජපක්ෂ, නිලන්ත සත්සර ගමගේ, චාමර විජේසූරිය සහ නන්දන කුඩාමීගොඩ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් කියා සිටියි.
ඒ අනුව, අදාල පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසට පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබේ.
ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
2026-08-25T13:52:00+05:30
Gossip Lanka Hot News






