අගවිනිසුරුගේ වත්කම් සහ X-Press Pearl වන්දිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
වර්තමාන අගවිනිසුරු ප්‍රිතිපත්මන් සූරසේන මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තිය සහ සිවිල් පෙරමුණ අද (25) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිනී කවිරත්න, දයාසිරි ජයසේකර සහ අජිත් පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් මතු කරන ලද කරුණු පදනම් කරගනිමින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.
අගවිනිසුරුවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වත්කම් උපයා ගත් ආකාරය මෙන්ම, ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරට පත් X-Press Pearl නෞකාවෙන් මෙරටට සිදුවූ අතිවිශාල හානිය වෙනුවෙන් ලැබිය යුතු වන්දි මුදල් අයකර ගැනීම මේ දක්වා ප්‍රමාද වීම පිටුපස ඇති කරුණු පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස එම පෙරමුණ ඉල්ලා සිටියි.
මීට අමතරව, මෑත කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කන්ටේනර් වංචාව, ගල් අඟුරු වංචාව සහ භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් ද, කථානායකවරයාට සහ වර්තමාන ජනාධිපති ලේකම්වරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ද කඩිනම් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ඔවුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරී අචල දිවාකර මහතා සඳහන් කළේ, X-Press Pearl නෞකාවේ වන්දි ලබා ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අගවිනිසුරුවරයාට එල්ල වන චෝදනා සුළුකොට තැකිය නොහැකි බවයි.
එම නිසා වහාම විමර්ශනයක් පවත්වා සත්‍යය අනාවරණය කර, රජයට හිමිවිය යුතු අදාළ වන්දි මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
-lankacnews
අගවිනිසුරුගේ වත්කම් සහ X-Press Pearl වන්දිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
2026-08-25T11:54:00+05:30
Gossip Lanka Hot News






