gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ති‍බේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ඉරාජ් වීරරත්න, මිලින්ද රාජපක්ෂ, නිලන්ත සත්සර ගමගේ, චාමර විජේසූරිය සහ නන්දන කුඩාමීගොඩ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් කියා සිටියි.

ඒ අනුව, අදාල පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසට පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka