විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට වාසුගේ සහාය - නිවේදනයකුත් ගහයි!
අධිකරණවල පවතින නඩු සංඛ්‍යාව අවම කිරීමට සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශේෂඥ දැනුමෙන් රටට ප්‍රතිලාභ ලබාගැනීමට උපකාරී වන බැවින්, ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට තමන් සහාය පළකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් වාසුදේව නානායක්කාර සඳහන් කළේ, පළපුරුදු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් වත්මන් විශ්‍රාම වයස ඉක්මවා සේවයේ රඳවා තබාගැනීම මඟින් ඔවුන්ගේ අධිකරණමය දැනුම සහ පළපුරුද්ද අඛණ්ඩව පොදු මහජන යහපත උදෙසා යොදා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ වැනි මහාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳ ඕනෑම තීරණයක් අධිකරණ ක්ෂේත්‍රයේ පවතින සැබෑ අවශ්‍යතා මත පදනම් විය යුතු බව ද ඔහු අවධාරණය කරයි.
වාසුදේව නානායක්කාර මෙම අදහස් පළකර ඇත්තේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා රජය ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් මේ දිනවල පවතින දැඩි කතාබහ මධ්‍යයේ ය.
මේ පුවත තව අයට බලන්න
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට වාසුගේ සහාය - නිවේදනයකුත් ගහයි!
2026-07-17T06:16:00+05:30
Gossip Lanka Hot News







