සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා කාදිනල් හිමිගෙන් අධිකරණයට පෙත්සමක්!
පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් එම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් මැල්කම් රංජිත් හිමිපාණන් එම පෙත්සම මගින් ඉල්ලීමක් සිදු කර තිබේ.
සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ නඩුකරය හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ස්වාධීනභාවය මෙන්ම ඵලදායීතාවයට බලපෑමක් සිදුවිය හැකි බැවින් වින්දිතයයින්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා ඊට මැදිහත්වීමට අධිකරණයේ අවසරය ඉල්ලා සිටින බව කාදිනල් හිමියෝ ඉල්ලා සිටිති.
පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා ඉල්ලා සිටින සහනය අධිකරණය විසින් ලබාදුනහොත් ඉන් අගතියට පත්වූවන්ගේ අයිතිවාසිකම්වලට බලපෑම් සිදුවිය හැකි බව එමපෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
මේ පුවත තව අයට බලන්න
සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා කාදිනල් හිමිගෙන් අධිකරණයට පෙත්සමක්!
2026-07-17T06:51:00+05:30
Gossip Lanka Hot News






