gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කසාගල හා ලයිකා අතර මොනරා TV ගනුදෙනුව නඩුවක් නිසා හිරවෙයි!

පසුගිය දිනවල මහ බැංකුව විසින් චෝදනා එල්ලව තිබූ කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගම විසින් ස්කයි මීඩියා නෙට්වර්ක් පුද්ගලික සමාගම  (Sky Media Network (Pvt) Ltd ) හිමිකාරිත්වය දරණ මොණරා TV මිලදී ගැනීමට ගත් උත්සාහය මේවන විට ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. ඒ  මොණරා TV වලට අදාළ සංඛ්‍යාත ලියිකා මොබයිල් විසින් පවරා ගැනීමේදී මෙම ගනුදෙනුව සඳහා මැදිහත් වූ බව කියන ශ්‍රී ලංකා – යුරෝපා සංගම් ව්‍යාපාරික කවුන්සිලයට (Sri Lanka European Union Business Council) හිමි කොමිස් මුදල නොගෙවීම හේතුවෙන් පවරණ ලද නඩුවක් නිසාය.

එම නඩුවට අනුව Sky Media Network (Pvt) Ltd. (කලින් Infotainment (Pvt) Ltd.) සහ එහි අනුබද්ධ සමාගම් වන VIS Broadcasting (Pvt) Ltd. ඇතුළු සමාගම්වලට විකිණීම, පැවරීම, ගිවිසුම්ගත කිරීම, හෝ වෙනත් ආකාරයකින් බැඳීම වානිජ අධිකරණය විසින් වාරණය කර තිබේ.

පසුගිය නඩුවාරයේදී අදාළ වාරණය මීළඟ නඩුවාරය වන ලබන සැප්තැම්බර් 18 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

අදාළ අධිකරණ වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ 2023 වසරේදීය. කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගමේ ප්‍රධානියා ලෙස, මල්වත්තගේ රංජිත් නන්දන පීරිස් මහතා පෙනී සිටියි.

ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය ලෙස වර ගන්වමින් ලයිකා මොබයිල් හිමි සුබාස්කරන් අලිරාජාගේ මග පෙන්වීම යටෙත් ආරම්භ කරන ලද මොනරා TV වසරක් වැනි කාලයක් පවත්වා වසා දැමීමට කටයුතු කර තිබිණි.කෙසේවුවද, එම රූපවාහිනී නාලිකාව වසා දමන විට එයට ටෙලි නාට්‍ය ලබාදුන් ටෙලි නිෂ්පාදකයින්ට විශාල මුදලක් ගෙවීමට තිබූ බවත්, එසේම එම ආයතනය විසින් පවත්වාගෙන ගිය හා මේවන විට වසාදමා ඇති මොනරා හා දෙමළ පුවත්පත වන ඔරුවන් මුද්‍රණය කිරීම වෙනුවෙන් එය මුද්‍රණය කළ වීරකේසරී ආයතනයට ද විශාල ණයක් ඇති බව පැවසේ.

මේ අතර අදාළ නඩු කටයුත්ත සම්බන්ධව නීතිඥ එන්.එම්. නජීබ් විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කරමින් ලිපියක් ද යොමු කර ඇත. 

අදාළ ලිපිය පහත දැක්වේ.


-srilankamirror




gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka