gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැදමුලන වලව්ව බන්ධනාගාරයක් වෙයි කියලා නාමල්ලා බයවෙලා!

ගාල්ල මහමෝදර ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට නියමිත නව බන්ධනාගාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

මහමෝදර පැරණි රෝහල බන්ධනාගාරයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් දක්වන විරෝධය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම පිරිස දැන් දැඩි බියකින් පසුවන බවයි.

"දැන් එන්න එන්න බයවෙලා ඒ පොහොට්ටු කණ්ඩායම, මොකද මැදමුලන වලව්ව අපි බන්ධනාගාරයකට ගනීද කියලා. මැදමුලන වලව්ව බන්ධනාගාරයකට ගත්තොත් වාසියක් තියෙනවා. එහි ඉන්න කට්ටිය වැඩිය දඟලන්නේ නැහැ. මොකද මැදමුලනට ගියපු කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. ඒක නිසා කරදර කරන එකක් නැහැලු, පුරුදු තැනක්ලු. ඒ හින්දා මැදමුලන වලව්ව ගනී කියලා දැන් නාමල්ලා බයවෙලා ඉන්නේ," යනුවෙන් වටගල මහතා සභාගත කළේය.

තවද, මාදුගොඩ මන්ත්‍රීවරයා ඇතුළු එම පිරිසට කලබල නොවන්නැයි පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, මැදමුලන වලව්ව බන්ධනාගාරයකට ගැනීමේ අදහසක් මේ මොහොතේ නොමැති බවත්, කෙසේ වෙතත් ඉල්ලීම් සහ තත්ත්වය අනුව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka