gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තිස්ස අත්ත­නා­ය­කට එරෙහිව මිලියන 100ක් වන්දි ඉල්ලා අග­මැ­ති­නි­ හරිනි අමරසූරිය පැවරූ අපහාස නඩුව අගෝස්තු 18 ඇරඹෙයි

 
අග­මැති හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය විසින් රුපි­යල් මිලි­යන 100ක වන්දි­යක් ඉල්ලා සමගි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­ය­කට එරෙ­හිව පවරා ඇති අප­හාස නඩුවේ පූර්ව නඩු විභා­ගය ලබන අගෝස්තු 18දා දක්වා කල් තැබී­මට කොළඹ දිසා අධි­ක­ර­ණය ඊයේ (20දා) තීර­ණය කළේය.

වග­උ­ත්ත­ර­ක­රුගේ පාර්ශ්වය අධි­ක­ර­ණය හරහා පැමි­ණිලි පාර්ශ්ව­යට ලබා­දිය යුතු ‘විචා­රණ’ ලබාදී නොති­බීම නිසා පූර්ව නඩු විභා­ගය සඳහා වෙනත් දින­යක් නියම විය.

ඒ අනුව මීළඟ නඩු දින වග­උ­ත්ත­ර­ක­රු­වන් විසින් ඉදි­රි­පත් කර ඇති මෙම විචා­රණ ලේඛන සඳහා පැමි­ණිලි පාර්ශ්ව­යෙන් පිළි­තුරු ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සමගි ජන බල­වේ­ග­යෙන් තරග කළ සජිත් ප්‍රේම­දාස මහ­තාට සහය පළ කිරීම සඳහා මාව­නැල්ලේ පැවැති මහ­ජන රැලි­ය­කදී වග­උ­ත්ත­ර­කරු 2024 අගෝස්තු 19දා මෙම ප්‍රකාශ සිදු­කර තිබේ.

මහ­නු­වර ඇසළ පෙර­හර නව­ත්වන බවට අස­ත්‍යය හා අප­හා­සා­ත්මක තොර­තු­රක් සමා­ජ­ගත කිරී­මෙන් බෞද්ධ පරි­ස­ර­යක කුඩා කල සිටම හැදී වැඩුණු සිය සේවා­දා­යි­කා­වගේ කීර්ති­නා­ම­යට බල­වත් හානි­යක් සිදුව ඇති බව පැමි­ණිල්ලේ සඳ­හන් වේ. දකුණු ප්‍රදේ­ශයේ බොහෝ විහා­ර­ස්ථා­න­ව­ලට ඉඩ­ක­ඩම් පරි­ත්‍යාග කළ පවු­ල­කින් පැවත එන සිය සේවා­දා­යි­කාව කිසිදු අව­ස්ථා­වක මොන­යම් හෝ ආග­ම­කට අප­හාස වන ආකා­රයේ ප්‍රකාශ කර නොමැති බවත් ලේඛ­න­ගත නීතිඥ ශානිකා සිල්වා මහ­ත්මිය ගොනු කළ පැමි­ණිල්ලේ සඳ­හන් වේ.

මෙම ප්‍රකා­ශය කළ තිස්ස අත්ත­නා­ය­කට විරු­ද්ධව හා එය විකා­ශය කළ පෞද්ග­ලික මාධ්‍ය නාළි­කා­ව­කට එරෙ­හිව රුපි­යල් මිලි­යන 100 බැගින් වන්දි ඉල්ලා මෙම නඩුව පවරා තිබේ. පැමි­ණිල්ල වෙනු­වෙන් නීතිඥ ශාන්ත ජය­ව­ර්ධන මහතා පෙනී සිටි­යේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka