සජිත්ගෙන් ප‍්‍රශ්ණ කරන්න කැදවයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
කොමිෂන් සභාව මගින් දැනට පවත්වාගෙන යනු ලබන විමර්ශයනට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙම මස 27 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දී ඇත.
පසුගිය රජය සමයේ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස පත් කිරීමේදී ක්‍රියාත්මක වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස විපක්ෂ නායකවරයා කටයුතු කර තිබේ.
එම පත්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට සහ තොරතුරු ලබා ගැනීමට විපක්ෂ නායකවරයා මෙලෙස කැඳවා ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
චමින්ද කුලරත්න මහතාගේ සේවය වත්මන් රජය යටතේ අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.
මේ පුවත තව අයට බලන්න
සජිත්ගෙන් ප‍්‍රශ්ණ කරන්න කැදවයි
2026-07-10T10:32:00+05:30
Gossip Lanka Hot News






