හෝමාගම දරුණු ගින්නෙන් පහක් මරුට... දේපල හානිය ගණනය කර නෑ!
හෝමාගම කර්මාන්ත පුරයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක හටගත් දරුණු ගින්න නිසා පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද අලුයම හදිසියේ හටගත් මෙම ගින්න කර්මාන්ත ශාලාව පුරා සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.
ගින්න නිවීම සඳහා කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල - ගල්කිස්ස යන මහ නගර සභාවලට අයත් ගිනි නිවීමේ රථ 12ක් එම ස්ථානයට කැඳවා තිබුණි.
ගින්නෙන් සිදුවූ දේපළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න හටගැනීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත.
හෝමාගම පොලිසිය සහ අදාළ අංශ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
මේ පුවත තව අයට බලන්න
හෝමාගම දරුණු ගින්නෙන් පහක් මරුට... දේපල හානිය ගණනය කර නෑ!
2026-07-21T13:38:00+05:30
Gossip Lanka Hot News






