එයාර්බස් වංචාවේ සැකකාරියට විවෘත වරෙන්තු! - ඇප තැබූ අරවින්ද ද සිල්වා ලක්ෂ 200ක උගුලක පැටලෙයි!
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ බව කියන මතභේදාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලට අදාළව, එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ඊයේ (15) විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය.
මෙම නඩුවේ දෙවන සැකකාරිය ලෙස නම් කර සිටින ඇය මීට පෙරද අධිකරණය මඟ හැර සිටීම හේතුවෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ ඉල්ලීමකට අනුව මෙම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
🔴 අරවින්ද සිල්වා යුවළ ඇපකාරත්වයෙන් ඉවත් වීමට සැරසෙයි.
මේ අතර, සැකකාරිය වෙනුවෙන් මීට පෙර ඇප ලබා දී තිබූ හිටපු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන මහත්ම මහත්මීන් එම ඇපකාර වගකීමෙන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තම සේවාදායකයන්ට විදේශගත වීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බැවින් මෙම පියවර ගන්නා ලෙසත්, ඒ වෙනුවෙන් තබා ඇති රුපියල් මිලියන 10ක ඇප මුදල රාජසන්තක කිරීමට එකඟ වන බවත් නීතිඥවරයා මෙහිදී සඳහන් කළේය.
🔴 ඇප මුදල් පිළිබඳ අධිකරණයේ අවධානය.
කෙසේ වෙතත්, අදාළ නඩු ගොනුව පරීක්ෂා කළ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පෙන්වා දුන්නේ අධිකරණය හමුවේ තැන්පත් කර ඇත්තේ මිලියන 10ක් නොව රුපියල් ලක්ෂ 200ක (මිලියන 20ක) ඇප මුදලක් බවයි. එමෙන්ම, ඇප මුදල් රාජසන්තක කිරීමට පෙර ඒ පිළිබඳව නීත්‍යානුකූලව කරුණු දැක්විය යුතු බවද හෙතෙම සිහිපත් කළේය.
ඒ අනුව, ඇපකරුවන් එම වගකීමෙන් ඉවත් කර ගැනීම සහ ඇප මුදල් රාජසන්තක කිරීමට අදාළ හේතු ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවත කැඳවීම ලබන 22 වනදා දක්වා කල් තැබීය.
මේ පුවත තව අයට බලන්න
එයාර්බස් වංචාවේ සැකකාරියට විවෘත වරෙන්තු! - ඇප තැබූ අරවින්ද ද සිල්වා ලක්ෂ 200ක උගුලක පැටලෙයි!
2026-07-16T06:47:00+05:30
Gossip Lanka Hot News






