හිටපු ජනාධිපතිවරයෙක් දින 90ක් හතරවෙනි තට්ටුවේ රදවා ප‍්‍රශ්ණ කරන්න යනවා යයි වාර්තා!
ඉතිහාසයේ ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයෙකු දින අනූවක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හතරවැනි තට්ටුව වෙත කැඳවීමට නියමිත බවට වන පුවතක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
භික්ෂූන් වහන්සේ නමකගේ නමින් පෙනී සිටින සමාජ මාධ්‍ය ගිණුමකින් මුල්වරට මුදාහැර ඇති මෙම සටහන, මේ වන විට විවිධ පාර්ශ්වයන් අතර හුවමාරු වෙමින් පවතින බව නිරීක්ෂණය වේ.
කෙසේ වෙතත්, මෙම පුවත සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වගකිවයුතු ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් වාර්තා කර නොමැති අතර, අදාළ සටහනෙහි ද කිසිදු නිශ්චිත තොරතුරක් ඇතුළත් නොවේ.
ප්‍රශ්න කිරීමට නියමිත හිටපු ජනාධිපතිවරයා කවුරුන්ද යන්න හෝ ඔහුට එල්ල වී ඇති චෝදනා මොනවාද යන්න පිළිබඳව එහි කිසිදු සඳහනක් කර නොමැති වීම විශේෂත්වයකි.
මේ පුවත තව අයට බලන්න
හිටපු ජනාධිපතිවරයෙක් දින 90ක් හතරවෙනි තට්ටුවේ රදවා ප‍්‍රශ්ණ කරන්න යනවා යයි වාර්තා!
2026-07-06T10:15:00+05:30
Gossip Lanka Hot News







