gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටිපතියෝ ආනයනය කළ සුඛෝපභෝගී වාහනත් පාවිච්චි කළ ඒවා!

පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති සියලුම සුඛෝපභෝගී (Top-end) මෝටර් රථ පාවිච්චි කළ (Second-hand) වාහන බව අනාවරණය වී තිබේ.

ඒ අනුව,

Rolls-Royce Cullinan රථ 4ක්,
Bentley රථ 15ක්,
Lamborghini රථ 2ක්,
Ferrari රථ 5ක්,
සහ Maserati රථයක්ද

භාවිත කළ වාහන ලෙස මෙරටට ආනයනය කර ඇති බව වාර්තා වේ.

ආනයන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අලුත් වාහනවලට සාපේක්ෂව පාවිච්චි කළ වාහන සඳහා පවතින 15%ක බදු වාසිය ලබා ගැනීම සඳහා මෙම වාහන භාවිත කළ ඒවා ලෙස ආනයනය කර ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් ඉහළම මිල ගණන්වල සුඛෝපභෝගී වාහන පවා බදු වාසි ලබා ගැනීම සඳහා පාවිච්චි කළ වාහන ලෙස මෙරටට ගෙන්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka