gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

2023 වසරේ හිටපු ජනපති රනිල්ගේ කාලයේ සිට ඩොලර් මිලියන 715 ක් රටින් පන්නා ඇති බව අනාවරණය වෙයි

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 ජූනි 25 වන දා පාර්ලිමේන්තුව හමුවේ හෙළිකර සිටියේ ය.

ජනාධිපතිවරයාට අමතරව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද මෙම කරුණට අදාලව වඩාත් විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුව හමුවේ තැබී ය.

ජනාධිපතිවරයාගේ හෙළිදරව්වට පසුව, මේ පිළිබඳව පුලුල් විමර්ශනයක් අවශ්‍ය බව පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණි.

එසේ ඉල්ලීම් ඉදිරිපත් කළ එක් පාර්ශ්වයක් වූවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයයි.

විශේෂයෙන්ම අදාල වංචාව සිදුව ඇති කාල පරිච්ඡේදයට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය සහ මුදල් අමාත්‍ය ධූරය හෙබ වූ කාලය ද ඇතුළත් ය.

සියළු පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් රජයේ මුදල් පිළිබද කාරක සභාව මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මේ වන විට අරඹා තිබේ.

ඒ අනුව, ඊයේ දිනයේ දී රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී මේ පිළිබදව නවතම අනාවරණයක් සිද්ධ වී තිබේ. මෙම අනාවරණය සිදුකර ඇත්තේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කුරුවිට මහතා විසිනි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රජයේ මුදල් පිළිබද කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන වාර්තාවකට අනුව, 2023 වසරේ සිට මේ දක්වා නීති විරෝධී ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 715 කට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර තිබේ.

මෙසේ රටින් පිටකර ඇත්තේ විවිධාකාරයේ නීති විරෝධී ජාවාරම් හරහා උපයා ගන්නා ලද මුදල් ය.

ජාවාරම්කරුවන් මෙම මුදල් රටින් පිට කර ඇත්තේ භාණ්ඩ ආනයනය කරනු ලබන සමාගම් ලෙස ව්‍යාජව පෙනී සිටිමිනි. රජයේ සහ පෞද්ගලික බැංක-ු හරහා, භාණ්ඩ ආනයනය වෙනුවෙන් යැයි පවසමින් මෙම මුදල් රටින් පිටකර තිබුනද, ජාවාරම්කරුවන් විසින් කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙන්වා නැත.

මෙතරම් දැවැන්ත මුදලක් ව්‍යාජ තොරත-ුරු ලබා දෙමින් රටින් පිටව ඇත්නම්, එය බැංකු පද්ධතියේත්, රේග-ුවේත්, මුදල් අමාත්‍යංයේ ආනයන අපනයන දෙපාර්තමේන්තුවේත් දුර්වලතා මත සිදුව තිබෙන්නෙකි.

මේ සියළු කරුණු පිළිබදව ඊයේ දිනයේ දී රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අවධානය යොමු ව ඇති අතර, ජාවාරම්කරුවන්ට වැට බැදීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව එහිදී පුලුල් ලෙස අවධානය යොමුව තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka