gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ ඉඩම් ජාවාරම් කළ හිටපු නි.ඇමති ජගත් පුෂ්පකුමාර අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ හිටපු සභාපතිවරයකු ද වන ජගත් පුෂ්පකුමාර මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට පත්වීමට මූලිකම හේතුව වී ඇත්තේ පසුගිය ආණ්ඩු පැවති සමයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඩවර වැව සහ දෙමලිය - වන්දම අලි මංකඩ ආශ්‍රිත රජයේ වනාන්තර ඉඩම් මහා පරිමාණ ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු අතර බෙදාදීමේ දූෂිත ක්‍රියාවලියකට සෘජුවම සම්බන්ධ වීමයි. වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම ඉඩම් කොල්ලය හේතුවෙන් ප්‍රදේශයේ දැවැන්ත අලි - මිනිස් ගැටුමක් නිර්මාණය වීමට මඟ පෑදී ඇත.

වන අලි 120 කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත හා බැඳුණු, උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජිතව තිබූ මෙම සංවේදී පාරිසරික කලාපය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනා එල්ල වී තිබේ. කිරිඳි ඔයේ ජල පෝෂක ප්‍රදේශ ද ඇතුළත් මෙම වනාන්තර පද්ධතිය විනාශ කරමින් සිදුකළ නීති විරෝධී ඉඩම් ගනුදෙනු සහ ඊට ආධාර හා අනුබල දීමේ හේතූන් මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka