gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහර දෙනවා - ට‍්‍රම්ප්

ඉරානයේ 'පිකැක්ස්' (Pickaxe) කඳුකරයේ පිහිටි අතිශය සුරක්ෂිත භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

ඇමරිකානු හමුදා අඛණ්ඩව තෙවන දිනටත් ඉරානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කරන පසුබිමක ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

සඳුදා පස්වරුවේ  සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, "පිකැක්ස් කන්ද යනු ප්‍රබල ප්‍රහාරයක් සඳහා සුදුසුම ඉලක්කයක්. අපි එම මධ්‍යස්ථානය විනාශ කරනවා. ඒ සඳහා සූදානම්ව සිටින ලෙස ඉරානයට දැනුම් දෙනවා," යනුවෙනි.

සැග්‍රොස් (Zagros) කඳු පන්තියේ, නටාන්ස් යුරේනියම් මධ්‍යස්ථානයට නුදුරින් පිහිටි මෙම 'පිකැක්ස්' මධ්‍යස්ථානය, ග්‍රැනයිට් පාෂාණ ස්ථරයට අඩි 2,000ක් පමණ ගැඹුරින් පිහිටි උමං සංකීර්ණ දෙකකින් සමන්විත වේ. එහි යුරේනියම් නිස්සාරණය කිරීමේ පහසුකම් සහ තොග පවතින බවට සැක කෙරේ. කෙසේ වෙතත්, එහි පවතින අධික ගැඹුර හේතුවෙන් ඇමරිකාව සතු ප්‍රබලතම බෝම්බවලට පවා එය විනිවිද යා හැකිද යන්න පිළිබඳව ආරක්ෂක විශේෂඥයන් සැක පළ කරති.

මෙම තර්ජනය එල්ල වන අතරතුරම, සඳුදා පස්වරුවේ ද ඇමරිකානු හමුදා ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් දියත් කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළඳ නෞකාවලට ඉරානය එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බව ඇමරිකානු මධ්‍යම විධානය නිවේදනය කළේය. මීට අමතරව, හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කරමින් නාවික සම්බාධක පැනවීමට ද ජනාධිපති ට්‍රම්ප් තීරණය කර ඇත.

"අපි අද රාත්‍රියේත් හෙටත් ඔවුන්ට ඉතා ප්‍රබල ලෙස පහර දෙනවා. එය වැළැක්වීමට ඔවුන්ට කිසිවක් කළ නොහැකියි," යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේය. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka