පොඩි මැණිකේ දුම්රියෙන් ඇද වැටී තුර්කි ජාතික තරුණියකට බරපතල තුවාල...
නානුඔය සිට (19) දින උදෑසන 9:00ට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ පා පුවරැවේ ගමන් ගත් අවුරුදු 23ක තුර්කි ජාතික තරුණියක් දුම්රියෙන් ඇදවැටී බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකාරියගේ තත්වය බරපතල බැවින් ඇය මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කල බව අඹේවෙළ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසිය.
තුවාල ලැබූ තුර්කි ජාතික තරුණිය ඇගේ මිතුරියන් දෙදෙනෙකු සමග නානුඔය සිට ඇල්ල දක්වා පොඩි මැණිකේ දුම්රියෙන් ගමන් කරමින් සිටියදී දුම්රිය පා පුවරවේ සිට ඡායාරූප ගැනීමට උත්සහ කිරිමේදි ඇය පැරකුම්පුර සහ අඹේවෙළ දුම්රිය ස්ථාන දෙක අතරදී දුම්රියෙන් ඇද වැටී ඇත.
දුම්රයෙන් ඇදවැටුණු එම තරුණිය දුම්රිය නියාමකවරුන් විසින් අඹේවෙළ දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් භාර දී ඇත.
1990 සුවසැරිය ගිලන් රථයෙන් තුවාලකාරිණිය ඇගේ මිතුරියන් දෙදෙනාද සමග නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කල බව අඹේවෙළ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසීය.
- රංජිත් රාජපක්ෂ
පොඩි මැණිකේ දුම්රියෙන් ඇද වැටී තුර්කි ජාතික තරුණියකට බරපතල තුවාල...
2026-07-19T22:04:00+05:30
Gossip Lanka Hot News






