gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විනිසුරුවරු විශ්‍රාම වයස දේශපාලන උවමනා මත වෙනස් නොකළ යුතුයි…! – නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය…

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වැනි වෙනස්කම් හදිසියේ හෝ දේශපාලන උවමනා මත සිදු නොකළ යුතු බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පවසයි.

“පද්ධතිමය වෙනසක් කියන කාරණය ගැන මමත් අරගලය කාලේ අවධානය යොමු කළා. ඒ කාලේ මම නීතිඥ සංගමයේ ලේකම් ධුරයෙන් ඉවත් වෙලා ස්වාධීන වෘත්තිකයෙක් විදිහටයි කටයුතු කළේ. මමත් ගාලු මුවදොර “ගේට් වන්” වේදිකාවේ කිහිප වතාවක් අදහස් දැක්වූවා. අපේ රට වැටිලා තිබුණු අගාධයෙන් ගොඩගන්න ගමන වෙනස් කළ යුතුයි කියන මතයේ මමත් හිටියා.

පසුගිය වසර 70 පුරාම අපේ රටේ යම් ප්‍රගතියක් තිබුණා. අප්‍රිකානු රටවල් හෝ ඉන්දියාව එක්ක බලද්දී අපි ඉදිරියෙන් ඉන්නවා. අපේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් අපිට ගැටලුත් තිබුණා. දූෂණය වගේම ආයතනික අකාර්යක්ෂමතාව අපිට ලොකු පිරිවැයක් වුණා.

අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හොඳ ගෙවීමක් කළ යුතුයි, නැත්නම් දක්ෂයින් දේශපාලනයට එන්නේ නැහැ. ව්‍යවස්ථාපිතවාදය (Constitutionalism) කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හරහා මානව හිමිකම් පෑගී යාම වළක්වන පාලමක් වැනි දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය පිරිහීම (Democratic backsliding) ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වැනි ව්‍යවස්ථාපිත වෙනස්කම් හදිසියේ හෝ දේශපාලන උවමනා මත නොකළ යුතුයි. ශ්‍රී ලංකාව කියන්නේ හරියට දක්ෂතාව තිබුණත් ප්‍රතිඵල පෙන්වන්නේ නැති සමාගමක් වගෙයි. දැක්මක් සහ අවංකභාවයක් තිබුණොත් මේක ලෙහෙසියෙන් ගොඩගන්න පුළුවන්.”

ශ්‍රී ලංකා තරුණ නීති ප්‍රජාව සංවිධානය කළ 2026 වාර්ෂික තරුණ නීති සමුළුවට ඊයේ (18) සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka