gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමාණ්ඩුව ඇමරිකානු බදු අඩුකරගත් කතාව බොරු… බදු අඩු කළේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයයි..!

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ඇමරිකානු බදු අඩුකරගත් බවට ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනි.

“ඊයේ ඇමරිකාව සඳහා ලංකාවේ තානාපති මහින්ද සමරසිංහ මහතා තම නිල ෆේස්බුක් පිටුව හරහා කියා තිබුණේ ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ නායකයින්ගේ මැදිහත් වීමෙන් ඇමරිකාව විසින් ලංකාව සඳහා පනවා තිබූ තීරුබදු 44% සිට 10 දක්වා අඩු කර ගැනීමට හැකියාව ලද බවයි. බදු අඩු කළ බව සත්‍ය වුණත් මේ සඳහා ලංකාවේ මැදිහත් වීමෙන් එය වූ බව යන්න සම්පූර්ණ අසත්‍යකි.

බදු අඩු වුණේ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරුබදු නීත්‍යානුකූල නොවන බවට තීන්දු කිරීමත් සමගයි. ඒ අනුව අදින්, එනම් 24 වැනිදායින් පසු එම 44% තීරුබදු සහ ලෝකය පුරා විවිධ මට්ටමෙන් පැනවූ බදු අහෝසි වෙනවා.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පාලනය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක වීමට පෙර අලුත් බද්දක් පැනවීමට කටයුතු කළා. ඒ 12.5ක බද්දක්. එම බද්ද පනවන ලද්දේ බලහත්කාර ශ්‍රමය යන කඩතුරාව යටතේ. ඇත්තටම ට්‍රම්ප්ට අවශ්‍ය වුණේ එම නම දමා පෙර බදු අවලංගු නොවී තබා ගැනීමටයි.

ඒ අනුව, මෙම තීන්දුව රටවලට දැන්වීමත් සමග ඇතැම් රටවල් බලහත්කාර ශ්‍රමය තහනම් කරන නීති සම්මත කර ගත්තා. ඉන්දියාව, ලංකාව වැනි රටවල් වගේ ම තවත් රටවල් රැසක් එසේ කළා. ඒ අනුව, බද්ද 12.5 සිට 10%ට දක්වා අඩු කර තිබෙනවා. මෙම ඇත්ත කතාව නොකියා තානාපති සමරසිංහ මහතා විසින් රටේ ව්‍යාපාරිකයින් ඇතුළු මහජනතාව නොමනහරිනසුළු කරුණු ප්‍රචාරය කර තිබුණා.”
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka