ඉහළ අධිකරණ පුරප්පාඩු තියාගෙන ඉන්නේ ආණ්ඩුවට උවමනා තීන්දු දෙන විනිසුරුවන්ට අල්ලස් දෙන්නද…! – ජනාධිපති මෛත්‍රී ගුණරත්න….
හිටපු ජනාධිපතිවරුන්ට අධිකරණයට ඇඟිලි ගැසූ බවට චෝදනා තිබුණද ඒ කිසිවෙකු මේ ආකාරයට අධිකරණ විනිසුරුවන් පත් නොකර පුරප්පාඩු තබාගෙන නොසිටි බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ වල විනිසුරුවන් 4 දෙනා බැගින් හිඟ බවත් පහළ අධිකරණවල විනිසුරුවන් අදාළ තනතුරු වෙත යෑමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා මේ මේ දිනවල අහවල් දේශපාලකයා හිරේ යන බවත් කිරිබත් කෑමට සූදානම් වන ලෙසත් ප්‍රසිද්ධ වේදිකාවේ පවසමින් පහළ අධිකරණවල විනිසුරුවන්ට ඔවුන්ගේ තීන්දු අනුව අල්ලස් ලබා දීමට අදාළ තනතුරු තබාගෙන සිටින්නේද යන සැකය ජනතාව තුළ මතු වන බවද හෙතෙම ප්‍රකාශ කරයි.
මෙම තත්ත්වය දකින විට තමන් තුළ දැඩි පිළිකුළක් උපදින බවද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කරයි.
-emanisa
ඉහළ අධිකරණ පුරප්පාඩු තියාගෙන ඉන්නේ ආණ්ඩුවට උවමනා තීන්දු දෙන විනිසුරුවන්ට අල්ලස් දෙන්නද…! – ජනාධිපති මෛත්‍රී ගුණරත්න….
2026-07-12T21:54:00+05:30
Gossip Lanka Hot News






