දෙමළ – මුස්ලිම් පක්ෂ 6ක් හෙට කොළඹදී රහස් සාකච්ඡාවක
මෙරට දෙමළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ හයක් (06) එක්ව පොදු අරමුණු සහ වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට (13) කොළඹදී විශේෂ හමුවක් කැඳවා ඇතැයි වාර්තා වේ.
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල මාධ්‍ය නිවේදනයකට අනුව, මෙම තීරණාත්මක සාකච්ඡාව හෙට පස්වරු 1.00 ට කොළඹ රේණුකා හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (ACMC – රිෂාඩ් බදියුදීන් පාර්ශවය), ලංකා කම්කරු කොංග්‍රසය (CWC – ජීවන් තොණ්ඩමන් පාර්ශවය), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA), ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK – සිවඥානම් ශ්‍රීධරන් පාර්ශවය), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC – රවුෆ් හකීම් පාර්ශවය) හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA – මනෝ ගනේෂන් පාර්ශවය) මෙසේ එක මේසයක සාකච්ඡාවට එක්වීමට නියමිතය.
මෙම පක්ෂ හයේ එකතුව, මෙරට උතුර, නැඟෙනහිර, වතුකරය මෙන්ම කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල වෙසෙන දෙමළ සහ මුස්ලිම් කතා කරන ජනතාවගේ සමස්ත ඡන්ද පදනමෙන් බහුතරයක් නියෝජනය කරනු ලබයි.
වත්මන් ආණ්ඩුවේ දේශපාලන සහ ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ හමුවේ සුළුතර ජන කොටස්වල අයිතිවාසිකම් තහවුරු කරගැනීම සහ ඔවුන් මුහුණ දෙන පොදු ගැටලුවලදී එකමුතුව හඬක් නැඟිය හැකි ක්‍රමවේදයක් සකස් කරගැනීම කෙරෙහි මෙහිදී ප්‍රමුඛතාව හිමිවනු ඇතැයි පැවසේ.
-srilankamirror
දෙමළ – මුස්ලිම් පක්ෂ 6ක් හෙට කොළඹදී රහස් සාකච්ඡාවක
2026-07-12T21:57:00+05:30
Gossip Lanka Hot News






