අගමැති හරිනි දෙස දුරදක්නයෙන් බැලූ වරදට තිදෙනෙකු අත්අඩංගුවට.. රිමාන්ඩ්..
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී, දුරදක්නයක් ආධාරයෙන් ඇය දෙස බලා සිටි බව කියන පුද්ගලයන් තිදෙනෙකු හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද දින කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කරන ලදී.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර සහෝදරයන් දෙදෙනෙකු ද වන අතර ඔවුන් කින්නියා සහ මොල්ලිපතාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
තමන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන පුද්ගලයන් බව සැකකරුවන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අගමැති හරිනි දෙස දුරදක්නයෙන් බැලූ වරදට තිදෙනෙකු අත්අඩංගුවට.. රිමාන්ඩ්..
2026-07-21T23:06:00+05:30
Gossip Lanka Hot News






