යෝෂිතට, රෝහිතට වාහන බදු ලොකු නඩුවක් කැරකේ...
විදේශ රැකියා නියුක්තිකයින් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීමට ලබා දුන් බලපත්‍ර ක්‍රමය හරහා රජයට රුපියල් බිලියන 2.4ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පාලන සමය තුළ මෙම මහා පරිමාණ අක්‍රමිකතා සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විගණකාධිපති වාර්තා උපුටා දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, 2022 සහ 2023 වසරවල ක්‍රියාත්මක වූ මෙම වැඩපිළිවෙළ යටතේ සමාගම් දෙකකට පමණක් වාහන 640ක් ආනයනය කිරීමට විශේෂ වරප්‍රසාද ලබා දී ඇති බවයි. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත නිසි තොරතුරු වාර්තා කර නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව, මෙම බලපත්‍ර ලබා දීමේදී විදේශගත නොවූ පුද්ගලයින් සිව්දෙනෙකුට වාහන බලපත්‍ර ලබා දී තිබීම, අයදුම්පතේ රැකියාව සඳහන් කර නොතිබූ පුද්ගලයින් 60 දෙනෙකුට බලපත්‍ර නිකුත් කිරීම, ඇතැම් පුද්ගලයින්ට බලපත්‍ර දෙක බැගින් ලබා දී තිබීම, මාස 4ක් වැනි ඉතා කෙටි කාලයක් විදේශගතව සිටි පුද්ගලයින්ට ද මෙම වරප්‍රසාදය හිමිව තිබීම ආදී දූෂණ කිහිපයක් මන්ත්‍රීවරයා සභාව හමුවේ තැබීය.
සුඛෝපභෝගී වාහන සඳහා පැවති රුපියල් මිලියන 6ක බදු සීමාව, කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව රුපියල් මිලියන 12 දක්වා ඉහළ නැංවීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 2.4ක බදු ආදායමක් අහිමි වී ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. මෙය මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් මංකොල්ලකෑමක් බව ඔහු පැවසීය.
මෙම බලපත්‍ර ක්‍රමය අවභාවිත කරමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන් ද සුඛෝපභෝගී වාහන දෙකක් ආනයනය කර ඇති බව මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා මෙහිදී අනාවරණය කළේය.
CAB 7373 සහ CAB 7171 යන අංක දරන වාහන මෙලෙස ආනයනය කර ඇති බවත්, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
-lankacnews
යෝෂිතට, රෝහිතට වාහන බදු ලොකු නඩුවක් කැරකේ...
2026-07-21T23:02:00+05:30
Gossip Lanka Hot News






