අල්ලසෙන් කැදවයි... අකිල විරාජ් අතුරුදන්!
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සේවකයින් බඳවාගෙන, ඔවුන් සිය පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම මගින් දූෂණයක් සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
මෙම විමර්ශනයට අදාළව වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඊයේ (21) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අකිල විරාජ් කාරියවසම් මහතාට දන්වා තිබුණි.
කෙසේ වෙතත්, ඒදින ඔහු කොමිසම හමුවට පැමිණ නොමැති බවත්, සිය නොපැමිණීම සම්බන්ධයෙන් බලධාරීන්ට කිසිදු පූර්ව දැනුම් දීමක් සිදු කර නොමැති බවත් අල්ලස් කොමිසම සඳහන් කරයි.
රජයේ සේවකයින් පෞද්ගලික හෝ දේශපාලන අරමුණු සඳහා අවභාවිත කිරීම අල්ලස් පනත යටතේ දූෂණ වරදක් ලෙස සැලකේ.
ඒ අනුව, රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ මෙම විමර්ශන කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක වේ.
මේ පුවත තව අයට බලන්න
අල්ලසෙන් කැදවයි... අකිල විරාජ් අතුරුදන්!
2026-07-22T10:56:00+05:30
Gossip Lanka Hot News






