gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෝමුස් පාලනය අපි අතට ගත්තා.. ඒ හරහා යන සියළු භාණ්ඩවලට 20%ක බද්දක් ගන්නවා..- ට‍්‍රම්ප්

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සෘජුව මැදිහත් වන බවත්, ඉරානයට එරෙහිව විශේෂ නාවික අවහිරතා පනවන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකයට විවෘතව පවතින නමුත් ඉරානයට අයත් නෞකාවලට සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට පමණක් බලපැවැත්වෙන පරිදි 'ඉරාන අවහිරතාව' (Iranian Blockade) යළි ක්‍රියාත්මක කරන බවයි.

සෙසු සියලුම රටවලට මෙම මුහුදු මාර්ගය සාධාරණ ලෙස සහ නිදහසේ භාවිතා කළ හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

මෙහිදී වඩාත් වැදගත් තීරණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ, මෙතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය 'හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා' (Guardian of the Hormuz Strait) ලෙස පෙනී සිටින බවයි.

ලෝකයේ වඩාත්ම අස්ථාවර කලාපයක් ලෙස සැලකෙන මෙම ප්‍රදේශයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් වැය වන පිරිවැය පියවා ගැනීම සඳහා, එම මාර්ගය හරහා ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩ මත 20% ක ගාස්තුවක් අය කිරීමට ද ඔහු යෝජනා කර ඇත.

මෙම නව ආරක්ෂක වැඩපිළිවෙළ සහ අදාළ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක කරන බවත්, මෙය ජාත්‍යන්තර නාවික ගමනාගමනයේ ආරක්ෂාව වෙනුවෙන් ගත් සාධාරණ පියවරක් බවත් ට්‍රම්ප් සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka