gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පම්පෝරි ක්‍රිකට් පරිවර්ථන කමිටුවත් 1XBAT ට විකිණිලා?

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මාර්ගගත ඔට්ටු සමාගම්වල දැඩි බලපෑමට ලක්ව ඇති අතර, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල මෙන්ම වත්මන් පරිවර්තන කමිටුවද එම සමාගම්වලට වක්‍රව සහය ලබාදෙන බවට චෝදනා එල්ල වී තිබේ.

ක්‍රිකට් පරිවර්ථන කමිටුටත් මේ චෝදනාව එල්ලවී ඇත්තේ මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) ප්‍රධාන හවුල්කරුවකු ලෙස ඉන්දියාවේ මාර්ගගත ඔට්ටු සමාගමක් වන 1XBAT එක්කර ගැනීමට කටයුතු කිරීම නිසාය.

LPL ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ කිරීමේ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා, තරගාවලියේ සම හිමිකරුවකු වන අනිල් මොහාන් සහ පරිවර්තන කමිටුවේ නිලධාරීන් එකම වේදිකාවක සිටීම හේතුවෙන්, ඔට්ටු සමාගම්වලට නිල පිළිගැනීමක් ලැබී ඇති බවටද විවේචන එල්ල වී ඇත.

එමෙන්ම LPL තරග පැවැත්වෙන අතරතුරද 1XBAT ඇතුළු මාර්ගගත ඔට්ටු සමාගම් තරගයේ එක් එක් අවස්ථාවන් සඳහා ක්ෂණික ඔට්ටු භාරගන්නා බවද වාර්තා වේ.

මේ අතර, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද පසුගියදා ශ්‍රී ලංකාවේ මාර්ගගත ඔට්ටු සහ කැසිනෝ වෙබ් අඩවි කිසිදු නියාමනයකින් තොරව ක්‍රියාත්මක වීම පිළිබඳව බරපතළ ගැටලුවක් මතු කරමින්, ඒවා නියාමනය කිරීම සඳහා ස්වාධීන නියාමන අධිකාරියක් පත් කළ යුතු බව අවධාරණය කර තිබුණි.

ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල රූපවාහිනී සජීවී විකාශන අතරතුර වැඩිම වෙළෙඳ දැන්වීම් කාලය හිමිවන්නේ මෙරට ක්‍රියාත්මක ප්‍රධාන මාර්ගගත ඔට්ටු සමාගම් කිහිපයකට බවට ද මේ අතර චෝදනා එල්ලවී ඇත.

මුලදී එංගලන්තයේ අශ්ව ධාවන තරග සඳහා පමණක් ඔට්ටු භාරගත් මෙම සමාගම් මේ වන විට සිය ප්‍රධාන ව්‍යාපාරය ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉලක්ක කරගෙන සිටින බවද වාර්තා වේ.

එමෙන්ම, ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා අනුග්‍රාහකයන් ලෙස නිතර නිතර එක්එවන ඔට්ටු සමාගම් බොහොමයක් ඉන්දියාව කේන්ද්‍ර කරගත් ව්‍යාපාර බවද සඳහන් වේ.

-srilankamirror



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka