"සුරේෂ්ව අපිට රිමාන්ඩ් එකට දාලා දෙන්න, උපවාසය අත් හරින්නේ නෑ!" – සුරේෂ් සලේගේ බිරිඳගෙන් දැඩි තීරණයක් - සලේ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට!
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහ ඔහු සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ගැන ඔහුගේ බිරිඳ විසින් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. ඇය පෙන්වා දෙන්නේ තම සැමියාට පවතින සෞඛ්‍යමය තත්ත්වයක් (Condition) හේතුවෙන් ඔහුව දැඩි අවදානම් කාණ්ඩයට (High-Risk Category) ඇතුළත් කර ඇති බවයි.
විශේෂයෙන්ම ඔහුට ඕනෑම වෙලාවක පපුවේ අමාරුවක් (Heart issue) ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඇය සඳහන් කරයි.
බලධාරීන් තම සැමියා මියයනතුරු බලා සිටින බවට චෝදනා කරන ඇය, තමන් පරීක්ෂණ නතර කරන ලෙස ඉල්ලා නොසිටින බවත්, පරීක්ෂණ දිගටම සිදුකරන ලෙසත් ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, පවතින තත්ත්වය සලකා බලා ඔහු වහාම රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට (Remand) පියවර ගන්නා ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, පවතින උපවාසය අත්නොහරින බව ද වැඩිදුරටත් අවධාරණය කරයි.
"සුරේෂ්ව අපිට රිමාන්ඩ් එකට දාලා දෙන්න, උපවාසය අත් හරින්නේ නෑ!" – සුරේෂ් සලේගේ බිරිඳගෙන් දැඩි තීරණයක් - සලේ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට!
2026-06-29T08:12:00+05:30
Gossip Lanka Hot News





