“අපිට එක විදිහක්, අනුරලට තව විදිහක්ද?” - සාගර කාරියවසම් තානාපති කාර්යාල ගාණේ ගිහින් කරපු ‘ලොකු පැමිණිල්ලට’ ලැබුණු ‘පට්ට උත්තරය’
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මේ දිනවල කොළඹ තියෙන බටහිර රටවල තානාපති කාර්යාලවලට හදිසියේම යන්න-එන්න පටන් අරන් කියලා දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා. හැබැයි මේ යන්නේ නිකම්ම නෙවෙයි, බටහිර තානාපතිවරුන්ගෙන් කෙළින්ම ප්‍රශ්න කරන්නලු.
සාගර කාරියවසම් තානාපති නියෝජිතයන් හමුවෙලා තමන්ගේ දැඩි අප්‍රසාදය පළකරමින් කියලා තියෙන්නේ, වත්මන් මාළිමාආණ්ඩුව අධිකරණයේ පුරප්පාඩු නොපිරවීම, නිසි නීතිමය පටිපාටියෙන් බැහැරව හිතුමනාපයට මිනිස්සුන්ව අත්අඩංගුවට ගැනීම වගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලයි.
පසුගිය පොහොට්ටු ආණ්ඩුව කාලේ පුංචි වැරැද්දක් වුණත් බලාගෙන ඉඳලා ‘නිවේදන’ ගහපු, පාරට බැහැලා විරෝධය පාපු මේ තානාපති කාර්යාල, දැන් වත්මන් ආණ්ඩුව කරන දේවල් දිහා ඇස් පියන් බලාගෙන ඉන්නේ ඇයිද කියලා ඔහු ප්‍රශ්න කරලා තියෙනවා. කෙටියෙන් කිව්වොත් බටහිර රටවල් මේ වෙලාවේ ‘දෙබිඩි පිළිවෙතක්’ අනුගමනය කරනවා කියලයි සාගර චෝදනා කරලා තියෙන්නේ.
සාගර කාරියවසම් කරපු මේ බරපතළ චෝදනාවට බටහිර තානාපති කාර්යාලවලින් ලැබිලා තියෙන්නේ ඉතාමත් සන්සුන්, හැබැයි සූක්ෂ්ම උත්තරයක්.
තමන් කිසිදු දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ නැති බවත්, රට ඇතුළේ සිදුවන හැම දෙයක් ගැනම තමන් ඉතාමත් සූක්ෂ්ම ලෙස සහ සෙවිල්ලෙන් බලාසිටින බවත් ඔවුන් සාගර කාරියවසම් ට පවසා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. තානාපතිලාගේ මේ උත්තරයෙන් සාගර සෑහීමකට පත්වුණාද නැද්ද කියන එක නම් තවම රහසක්.
මේ පුවත තව අයට බලන්න
“අපිට එක විදිහක්, අනුරලට තව විදිහක්ද?” - සාගර කාරියවසම් තානාපති කාර්යාල ගාණේ ගිහින් කරපු ‘ලොකු පැමිණිල්ලට’ ලැබුණු ‘පට්ට උත්තරය’
2026-06-29T07:16:00+05:30
Gossip Lanka Hot News





