gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී මහා බෝධියේ සහ රුවන්වැලි සෑයේ ආරක්ෂාවට ගැටලුවක්... පරිවාර බෝධියක අත්තක් කපන්න ගිහින් ශ්‍රී මහා බෝධියට හානි වෙලා!... විශේෂ විමර්ශන කණ්ඩායමක් අනුරාධපුරයට!

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සහ රුවන්වැලි සෑ රජුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වී ඇති බරපතල ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂඥවරුන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන කණ්ඩායමක් ඊයේ (20) අනුරාධපුරය බලා පිටත්ව ගොස් තිබේ.

මානව හිමිකම් කොමිසමට ලැබුණු පැමිණිල්ලක් පදනම් කරගනිමින් ආරම්භ වූ මෙම විමර්ශනය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඇතුළු පිරිසක් එක්ව සිටිති.

‘මී මැස්සෝ’ නාලිකාව අනාවරණය කරන පරිදි, පසුගිය කාලසීමාව තුළ පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස විවිධ අනවසර ඉදිකිරීම් සහ කැණීම් රැසක් සිදුව ඇත.

ඒ අතර, ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල භූමිය හෑරීම සහ ගල් ඇල්ලීම, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව විහාරගෙයක් ඉදිකිරීම සහ එහි ස්වභාවය වෙනස්කිරීම, දේවාල මළුවේ ටෙරා කොටා සහ ග්‍රැනයිට් ගල් ඇල්ලීම, පරිවාර බෝධීන් වහන්සේ නමකගේ අත්තක් අවිධිමත් ලෙස කපා ඉවත් කිරීමට යෑමේදී එය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ද වැදී හානි සිදුවීම, සදහන්ය.

මෙම හානි පිළිබඳ තොරතුරු ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මගින් වසන් කර ඇති බවත්, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා මෙම අත්ත කැඩීයෑමේ සිද්ධිය දින කිහිපයක් යනතුරු දැන නොසිටි බවත් වාර්තා වේ.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුවට, දැනට විශ්‍රාමික නිලධාරියකු වන භාතිය සුමිත්‍රාරච්චි පත්කිරීම පිළිබඳව ද දැඩි විවේචන එල්ල වී තිබේ.

කිසිදු නිල බලයක් නොමැතිව ඔහු ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නඩත්තු කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත් වන බවටත්, ඇතැම් හානි සහ දූෂණ වසන් කිරීමට කටයුතු කරන බවටත් චෝදනා එල්ල වේ.

එසේම, හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ පාලන කාලය තුළ රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය පුරාවිද්‍යා අවසරයකින් තොරව මාරුකළ බවත්, ඒ සම්බන්ධයෙන් මැණික් අතුරුදන් වීමේ කසුකුසුවක් පවතින බවත් මූලාශ්‍ර අනාවරණය කරයි.

පුරාවිද්‍යා ආඥා පනත අනුව ඇප දිය නොහැකි වැරදි ගණනාවක් මෙහිදී සිදුව ඇති බවත්, නමුත් මෙතෙක් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවත් අනාවරණය වේ.

පූජනීය බෞද්ධ උරුමය රැකගැනීම සඳහා වත්මන් අටමස්ථානාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ මෙන්ම රජය ද වහාම මැදිහත් විය යුතු බවට මෙහිදී ඉල්ලීමක් කෙරේ.

සිදුවන මෙම විශේෂ විමර්ශනය මගින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිදු වූ තාක්ෂණික හානි මෙන්ම මූල්‍ය හෝ වෙනත් දූෂණ පිළිබඳව ද තොරතුරු හෙළිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka