gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාපය ආයෙත් කෙළින් කරන්න රනිල් මාස්ක් දැමූ රැස්වීමක් කැඳවයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී ඊයේ (11) පස්වරුවේදී පවත්වා ඇත.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් බහුතරයකගේ සහභාගීත්වයෙන් පැවැති මේ රැස්වීමේදී වර්තමාන දේශපාලන තත්ත්වයට අදාළ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිචාරය පිළිබඳ අදහස් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ සංවිධානය යළි ගොඩනැංවීමට අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වැදගත් අදහස් රැසක් සාකච්ඡා කරන ලද බව එම පක්ෂය පවසයි.

එජාපය පවසන පරිදි, එම රැස්වීමේදී අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග සහ සංවිධාන සමග ඉදිරි සම්බන්ධීකරණ කටයුතු කරන ආකාරය පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

තනි තනිව නොව සෑම බලවේගයක් සමගම එකට එකතු වී ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමින් පෙන්වාදී ඇත.

පක්ෂයේ විනය නීති රීතීවලට පටහැනිව ක්‍රියාකළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගත් පියවර එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ සංවිධාන යළි ගොඩනැගීම සහ අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග, සංවිධාන සමග සම්බන්ධීකරණය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගනිමින් තීරණවලට එළැඹීම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විශේෂත්වයක් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම රැස්වීමට සහභාගී වූ සියලුදෙනා මුහුණු ආවරණ පැළඳ සිටීම විශේෂත්වයක් විය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka