gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකාවේ පෙන්ටගනයේ හදිසි තත්වයක්... පිරිස් ඉවත් කර වසා දමයි

ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන Pentagon ගොඩනැගිල්ල තුළ සිදු වූ හදිසි අගුලු දැමීම (Lockdown) සහ සේවකයින් ඉවත් කිරීම්, ව්‍යාජ අනතුරු ඇඟවීමක් හේතුවෙන් සිදු වූවක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

ගොඩනැගිල්ල තුළ සිදු වූ "අන්තරායකර ද්‍රව්‍ය කාන්දුවීමේ සිදුවීමක්"  හේතුවෙන් පැන්ටගන් සංකීර්ණයේ මහල් සහ කොරිඩෝ කිහිපයක් වසා දැමීමටත්, තවත් කොටසක සිටි පිරිස් වහාම ඉවත් කිරීමටත් බලධාරීන් කටයුතු කර තිබුණි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැන්ටගන් මාධ්‍ය ප්‍රකාශක සීන් පාර්නල් ප්‍රකාශ කළේ, ගොඩනැගිල්ලේ පද්ධති මඟින් වාතයේ ගුණාත්මකභාවයේ ගැටලුවක් හඳුනා ගැනීම නිසා පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

"ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ වන විට සම්මත ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව බලපෑමට ලක්වූ ප්‍රදේශයේ සිටින පිරිස්වලට එම ස්ථානවලම රැඳී සිටින ලෙස නියෝග කළා," යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පැන්ටගන් ආරක්ෂක බලකායේ අන්තරායකර ද්‍රව්‍ය මර්දන කණ්ඩායම, ආලින්ටන් ප්‍රාන්ත ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව වහාම ක්‍රියාත්මක වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇත. වාර්තාවලට අනුව, මෙම මෙහෙයුම අතරතුරදී ආරක්ෂක නිලධාරීන් ගෑස් ආවරණ සහ සම්පූර්ණ රසායනික ආරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳ සිටි බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, අතිරේකව සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව එහි කිසිදු අන්තරායකර තත්ත්වයක් නොමැති බවත්, එය පද්ධතියේ දෝෂයක් හේතුවෙන් හටගත් ව්‍යාජ අනතුරු ඇඟවීමක් පමණක් බවත් පසුව තහවුරු වී ඇත. මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව ආරක්ෂක අංශ පවසයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka