gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධිය : හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ DNA සාම්පල ලබාගන්නැයි අධිකරණයෙන් නියෝග

බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට ලබන ජූනි මස 16 වැනිදා DNA පරීක්ෂණයක් සඳහා සිය රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදෙන ලෙස අධිකරණය ඊයේ (12) නියෝග කළේය.

එමෙන්ම, අදාළ DNA පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග නිකුත් කරනු ලැබීය.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කරුණු දැක්වූ නිට්ටඹුව පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේ, මීට පෙර අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව 2026 මැයි මස 04 වැනිදා විශේෂ විමර්ශනයක් සිදුකළ බවයි.

එහිදී අදාළ දැරිය විසින් පොළොවේ වළදමා සඟවා තිබියදී සොයාගත්, රුධිරය තැවරුණු බවට සැකකෙරෙන ඇඳුම් කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව ද පොලිසිය සඳහන් කළේය.

එම ඇඳුම් කොටස් පරික්ෂා කිරීමේදී, දැරියගේ ඇඳුම්වල තිබී ‘DNA ඇලීල’ අන්තර්ගතව ඇති බව මේ වන විට තහවුරු වී ඇතැයි පොලිසිය මෙහිදී අධිකරණයට දැනුම්දුන්නේය.

ඒ අනුව, ඇඳුම්වලින් හමුවූ DNA ඇලීල සැකකාර හිමිනමගේ DNA සමඟ සැසඳීම අත්‍යවශ්‍ය බැවින්, ඒ සඳහා හේමරතන හිමියන්ගේ රුධිර සාම්පල ලබාගැනීමට අධිකරණය මෙලෙස නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka