gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු පරීක්‍ෂණ දැන් හරියටම වෙනවා.. දිගටම ඔහොම යං..- අගරදගුරු

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී ඇතැම් පාර්ශවයන් විසින් විවිධ බාධා කිරීම් සිදුකළ ද, ඒ පිළිබඳව බියක් ඇති කරගත යුතු නොවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී වින්දිතයන් හමුවී ලබාදුන් පොරොන්දුව පරිදි, ප්‍රහාරයේ සත්‍යතාවය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන කටයුතු මේ වන විට සක්‍රීයව සිදුවෙමින් පවතින බව කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්හ.

විශේෂයෙන්ම මෙතෙක් සැඟව තිබූ කරුණු පිළිබඳ සාක්ෂි විපරම් කරමින් පවතින බවත්, මෙම ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳව නිශ්චිත සාක්ෂි උසාවිය හමුවේ ඉදිරිපත් වෙමින් පවතින බවත් උන්වහන්සේ සඳහන් කළහ.

එදා බලයේ සිටි පිරිස් සිය වුවමනාවන් මත යටගැසූ බොහෝ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතින බව අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළහ.

මීට පෙර නිහඬව සිටි සාක්ෂිකරුවන් දැන් ඉදිරියට පැමිණ සාක්ෂි ලබාදීම මගින් මේ මිනීමැරුම පිටුපස තිබූ කුමන්ත්‍රණය ක්‍රමයෙන් හෙළිවෙමින් පවතින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම විමර්ශන හරහා තමන්ගේ සැබෑ ප්‍රතිරූපය සමාජය ඉදිරියේ හෙළිවනු ඇතැයි බියෙන් පසුවන ඇතැම් පිරිස් විමර්ශනවලට බාධා කිරීමට උත්සාහ කරන බව කාදිනල් හිමිපාණන් චෝදනා කළහ.

"ඔවුන් ජනමාධ්‍ය ඉදිරියේ විරෝධය දැක්වුවත්, පොත්පත් මුද්‍රණය කර බෙදා හැරියත්, මඩ ප්‍රහාර දියත් කළත් අපි ඒ ගැන අබමල් රේණුවක තරම්වත් බිය විය යුතු නැහැ" යැයි උන්වහන්සේ පැවසූහ.

ඇතැම් පාර්ශවයන් උසාවියේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සහ සාක්ෂිකරුවන් බියගන්වමින් සත්‍යය යටපත් කිරීමට පිළිකුල් සහගත උත්සාහයක නිරත වන බවද උන්වහන්සේ වැඩිදුරටත් අනාවරණය කළහ.

පුද්ගලයන් 278 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් සහ තවත් බොහෝ පිරිසක් අසරණ කරමින් සිදුකළ මෙම මහා අපරාධයේ සත්‍යය යටගැසීමට ඉඩ නොදෙන බවත්, වරදකරුවන්ට දඬුවම් ලබා දී යුක්තිය ඉටුකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka