gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිගෙන් නීතිඥ නලින් පතිරණට සහ දෙරණ නාලිකාවට රුපියල් මිලියන 500 බැගින් එන්තරවාසි 02ක්!

තමන්ට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින්, සර්වජන බලය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතිඥ නලින් පතිරණ මහතාට සහ එම ප්‍රකාශය ප්‍රචාරය කළ දෙරණ මාධ්‍ය ජාලයට (Derana TV) එරෙහිව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සිරිල් ඇන්ටන් පෙරේරා මහතා විසින් රුපියල් මිලියන 500 බැගින් (සමස්තය මිලියන 1000ක් හෙවත් බිලියනයක්) වන්දි ඉල්ලා එන්තරවාසි දෙකක් යොමු කර තිබෙනවා. 

නීතිඥ සම්පත් යාලෙවත්ත මහතා මාර්ගයෙන් 2026 ජුනි 22 දිනැතිව මෙම එන්තරවාසි යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. 2026 ජුනි 19 වනදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී නලින් පතිරණ මහතා ප්‍රකාශ කර තිබුණේ, ඇන්ටන් පෙරේරා මහතා රජයේ සේවයේ සිටියදී සමාජ සේවා අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි, ඕස්ට්‍රේලියානු කිරි ගව ව්‍යාපෘතියේ ප්‍රධාන ගණකාධිකාරි සහ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ උපදේශක ලෙස එකවර ආයතන තුනකින් වැටුප් ලබාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ තනතුර සඳහා කැබිනට් තීරණයක් අනුව ඔහුට හිමි වූයේ රුපියල් 21,527.50ක මාසික දීමනාවක් පමණක් බවත් පෙරේරා මහතාගේ නීතිඥවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම කිරි ගව ව්‍යාපෘතියේදී ද හිමිව ඇත්තේ අනෙකුත් නිලධාරීන්ට මෙන් සාමාන්‍ය දීමනාවක් පමණක් බවත්, සුගීෂ්වර බණ්ඩාර නැමැත්තෙකු සම්බන්ධයෙන් පෙරේරා මහතා කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවත් එහි සඳහන්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු මෙන්ම වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරිවරයකු වන ඇන්ටන් පෙරේරා මහතා, 1992 සිට ක්‍රීඩා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක ප්‍රධාන ගණකාධිකාරි ධුර දරා 2020 දී විශ්‍රාම ලබා ඇති අතර, 2024 දී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස පත්වූ අයෙකි. 

මෙම ද්වේශසහගත ප්‍රකාශය නිසා සිදුවූ කීර්තිනාම හානිය වෙනුවෙන් දින 07ක් ඇතුළත නලින් පතිරණ මහතා මිලියන 500ක් ද, නිසි ලෙස කරුණු නොසොයා එය ප්‍රචාරය කිරීම වෙනුවෙන් දෙරණ මාධ්‍ය ජාලය මිලියන 500ක් ද ගෙවිය යුතු අතර, අපොහොසත් වුවහොත් නඩු පවරන බව අදාළ එන්තරවාසිය මඟින් දැනුම් දී තිබෙනවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka