gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තලවතුගොඩ වැටළීම්වලදී කාන්තාවන්ගේ මුහුණු පෙන්වීමට එරෙහිව ‘ස්පා සංගමයෙන්’ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) ආශ්‍රිතව මෑතකදී පොලිසිය සිදුකළ වැටළීම්වලදී අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ අනන්‍යතාව නීතිවිරෝධී ලෙස ප්‍රසිද්ධ කිරීම මගින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් නීතිඥවරුන් සහ ලංකා ස්පා සංගමයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොදු අයිතිවාසිකම් සුරැකීමේ සංගමය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර, අදාළ වැටළීම්වලට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එම සංගමය සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ සුසන්ත ගුණවර්ධන කියා සිටියේ, අදාළ කාන්තාවන් මෙතෙක් සැකකරුවන් පමණක් වන පසුබිමක, ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගින් ඔවුන්ගේ අනන්‍යතාව ප්‍රසිද්ධ කර ඇති බවයි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඕනෑම පුද්ගලයෙකු වරදකරු බව ඔප්පු වන තෙක් නිවැරදිකරුවකු ලෙස සලකනු ලබනවා. නීතිය ඉදිරියේ තවමත් සැකකරුවන් පමණක් වන මෙම කාන්තාවන්ගේ මුහුණු සහ අනන්‍යතාව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම ඔවුන් දැඩි ලෙස අපහසුතාවයට හා අවමානයට පත් කිරීමක්” යැයි ඔහු පැවසීය.

සිදුව ඇති බව කියන මෙම මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටි ඔහු, පොලිස් නිලධාරීන් චේතනාන්විතව මෙම කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි කටයුතු කර තිබේද යන්න සොයාබලන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ලංකා ස්පා සංගමයේ අධ්‍යක්ෂවරිය ද මෙම වැටළීම් සිදුකළ ආකාරය විවේචනයට ලක්කළාය. ඇය කියාසිටියේ මෙම ක්ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන් අසාධාරණ ලෙස අවමානයට ලක්කර ඇති බවයි.

“මේ කාන්තාවන්ට සලකන්නේ බරපතළ වැරදි සිදුකළ අපරාධකාරයන්ට වගේ. ඔවුන් සම්පූර්ණයෙන්ම අසරණ තත්ත්වයට පත්කරලා තියෙන්නේ,” යැයි ඇය පැවසුවාය. සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන බොහෝ කාන්තාවන් වෘත්තීය පුහුණුව ලබා ඇති අය වුවද, මෙවැනි මෙහෙයුම්වලදී දිගින් දිගටම අත්අඩංගුවට පත්වීමට ඔවුන්ට සිදුවන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

තලවතුගොඩ ප්‍රදේශයේ මසාජ් ක්ලිනික් (සම්බාහන මධ්‍යස්ථාන) මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස නවයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් වටළනු ලැබීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ජනමාධ්‍ය වාර්තාවලට අනුව, එම මෙහෙයුමේදී කාන්තාවන් 34 දෙනකු ඇතුළුව පුද්ගලයන් 43 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka