gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“2029 දී නාමල් රාජපක්ෂ බලයට එනවා-ඒක නවත්වන්න බැහැ” - අර්ච්චුනා නාමල්ගේ කැම්පේන් එකට සෙට්වෙයි!

රටේ පවතින වත්මන් ගමන් මඟ පිළිබඳව මහජනතාව තුළ ඇති වන අප්‍රසාදය හේතුවෙන්, ඉදිරි 2029 වසරේදී නාමල් රාජපක්ෂ බලයට පත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අනාවැකියක් පළ කර තිබේ.

රටේ පවතින තත්ත්වය හමුවේ ඡන්දදායකයන් විසින් නැවත වරක් රාජපක්ෂවරුන් වෙත පාලනය භාරදීමට පෙළඹෙනු ඇතැයි ඔහු තර්ක කරයි.

“මේක ලියලා තියාගන්න. 2029 දී නාමල් බලයට එනවා. ඒක කාටවත් නවත්වන්න බැහැ. නාමල් රාජපක්ෂ බලයට එනවා දකින්න මගේ පෞද්ගලික කැමැත්තක් නැහැ. හැබැයි රට වැටිලා තියෙන තත්ත්වය දිහා බැලුවාම, ජනතාව ආයෙමත් මේ රට රාජපක්ෂවරුන් අතටම භාරදේවි” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනමාධ්‍යවේදීන් අමතමින් අදහස් දැක්වූ රාමනාදන් මන්ත්‍රීවරයා, වත්මන් විපක්ෂය ද දැඩි ලෙස විවේචනයට ලක්කළේය.

ඔහු පෙන්වාදුන්නේ සැබෑ විපක්ෂ නායකයෙකු යනු ශක්තිමත් මෙන්ම සෘජුව අදහස් දක්වන අයෙකු විය යුතු බවයි.

“අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ තියෙන ප්‍රශ්නය තමයි ඔහු ඕනෑවට වඩා මෘදු වීම. විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුවට මල් පොකුරු දීලා බෑ. ආණ්ඩුවට ගල් ගහන්න ඕනේ” යැයි ඔහු පැවසීය.

වත්මන් දේශපාලන වටපිටාව තුළ ශක්තිමත් විපක්ෂ නායකත්වයක් සහිත කිසිදු චරිතයක් දැකගත නොහැකි බව හෙතෙම කියාසිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ කථිකත්ව හැකියාව අගය කළ අර්චුනා රාමනාදන්, කෙසේවුවද නායකත්වයකට අවශ්‍ය අනෙකුත් සුදුසුකම් ඔහු සතු නොවන බව ද සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ විපක්ෂ නායක ධුරය සඳහා සුදුසුදැයි ජනමාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ ඔහුට එවැනි තනතුරක් අවශ්‍ය නොවන බවයි.

“නාමල් රාජපක්ෂට විපක්ෂ නායක වෙන්න උවමනාවක් නැහැ. ඔහු කෙලින්ම මේ රටේ ජනාධිපති වේවි. මේක ලියලා තියාගන්න. ඒ කාලේ වෙනකොට මම දේශපාලනයේ නොසිටින්න පුළුවන්, හැබැයි ඔබට ඒක බලාගන්න ලැබෙයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දීය නළු ජෝසප් විජේ දේශපාලනයට පැමිණ මැතිවරණ ජයග්‍රහණ ලබන බවට තමන් මීට පෙර කළ ප්‍රකාශවලදී බොහෝ දෙනා තමන්ට ‘පිස්සෙක්’ යැයි උපහාස කළ බව සිහිපත් කරදුන් මන්ත්‍රීවරයා, නමුත් අවසානයේ එම අනාවැකිය සැබෑ වූ බව ද මෙහිදී අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka