gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිසිය Mr. කොත්තු අල්ලන්න යයි

ප්‍රසිද්ධ ආහාරපාන සැපයුම් ආයතන ජාලයක හිමිකාරිත්වය දරන විරාජ් වික්‍රමනායක නමැති අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය සූදානම් වෙයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර්  මහතා තහවුරු කළේය.

මොහුට අයත් අවන්හලක සේවය කරනු ලබන සේවකයෙකුට ඔහු විසින් පහරදෙන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇත.

අදාළ දර්ශන කෙරෙහි පොලිස් බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය මඟින් පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

ඒ අනුව අදාළ අවන්හල් හිමිකරු වහාම නීතියේ රැහැනට හසුකර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka