gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘හරක් කටා’ගෙන් කෝටි 12ක් කප්පම් ගත් සිද්ධියේ අතරමැදියා ‘මිදිගම ලසා’! - ඩුබායි ගිය සෙට් එකේ ඔහුත් ඉඳලා!

හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු විසින් මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ගෙන් රුපියල් ලක්ෂ 1200 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සිද්ධියේ අතරමැදියකු ලෙස කටයුතු කර ඇත්තේ පසුගියදා වෙඩිතබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘මිදිගම ලසා’ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ඉකුත් වසරේ ඔක්තෝබර් මස 22 වැනිදා වැලිගම ප්‍රාදේශීය සභාව තුළදීම ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සාමාජිකයකු විසින් වෙඩිතබා ඝාතනය කළ ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා හරක්කටාගේ කල්ලියේ ප්‍රබලම සාමාජිකයෙක් විය.

හරක්කටාගේ පාර්ශ්වයෙන් ලක්ෂ 1200 ක මුදලක් රඛිත රාජපක්ෂ ඇතුළු පිරිසට ලබාදීමේ කාර්යයේ අතරමැදියකු ලෙස මිදිගම ලසා කටයුතු කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

‘හරක් කටා’ ඝාතනයවීම වැළැක්වීම, වෙනත් බන්ධනාගාරයක් වෙත ඔහු යැවීම, ඔහුට එරෙහිව ඇති චෝදනා වලින් ඉවත් කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් උපකාර කරන බව කියමින් රඛිත රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම මුදල් ලබාගෙන තිබූ බව කියන්නේ හරක්කටාගේ බිරිඳය.

මෙම මුදල් ගනුදෙනු සිදුවී ඇත්තේ ඉකුත් 2023 වර්ෂයේ දීය.

ඒ වනවිට මිදිගම ලසා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වී සිටියේ නැත.

මෙම මුදල් ගනුදෙනුව ගැන සාකච්ඡා කිරීම සඳහා ඩුබායි රාජ්‍ය වෙත ගිය කණ්ඩායමට මිදිගම ලසාද එක්වී සිටි බවට තොරතුරු මේ වනවිට ලැබී තිබේ.

හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ අරුණ ශ්‍රී චතුරංග ද රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇත.

(උපුටාගැනීම – දිවයින)
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka