gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප‍්‍රහාරයට ප‍්‍රබල දේශපාලන නායකයෙක් අත්අඩංගුවට?

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරු නුදුරේදීම නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම ක්‍රියාවට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ප්‍රබල දේශපාලන පාලකයෙකු මෙලෙස අත්අඩංගුවට පත්වීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පෞද්ගලික නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ද මේ පිළිබඳව විශේෂ අනාවරණයක් කළේය. 

එහිදී ඔහු කියා සිටියේ අදාළ ප්‍රහාරයේ සැබෑ මහමොළකරු ඉතා කෙටි කලක් ඇතුළත අත්අඩංගුවට පත්වනු ඇති බවයි. 

වගකිවයුතු මෙම ප්‍රධාන සැකකරු තමන්ව හඳුන්වා දීම සඳහා ව්‍යාජ නාමයන් (අන්වර්තනාම) පහක් භාවිතා කර ඇති බවත්, ඉන් එකක් වන්නේ "Sonic" යන්න බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළි කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු රැසක් මේ වන විටත් අනාවරණය වී ඇතත්, ක්‍රියාත්මක වෙමින් පවතින විමර්ශන කටයුතුවලට ඉන් බාධාවක් සිදුවිය හැකි බැවින් එම තොරතුරු මේ මොහොතේ ප්‍රසිද්ධ කළ නොහැකි බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka