සෙංකෝලය ගිල්ලත් නඩු අහන, තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර
වසර ගණනාවක් පැරණි වුවද කිසිදු වෙනසක් නොවන පාදඩ දේශපාලන සංස්කෘතියක් විපක්ෂය විසින් තවමත් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරමින් සිටින බව අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්යවරයා සඳහන් කළේ, අද දින සෙංකෝලය උස්සාගෙන දිවීමට උත්සාහ කරමින් විපක්ෂය හැසිරුණු ආකාරය තමන් දුටු බවයි.
එහිදී විපක්ෂයේ හැසිරීම දැඩි ලෙස විවේචනය කරමින් අධිකරණ අමාත්යවරයා වැඩිදුරටත් මෙසේද ප්රකාශ කළේය:
“මට කියන්න තියෙන්නේ සෙංකෝලේ උස්සගෙන ගියා නෙවෙයි ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන වේගෙ අඩුවෙන්නෙත් නෑ.. තීන්දු දෙන වේගෙ අඩුවෙන්නෙත් නෑ..”
සෙංකෝලය ගිල්ලත් නඩු අහන, තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර
2026-06-23T19:39:00+05:30
Gossip Lanka Hot News





