gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි - මාස 9ක සිරදඩුවම්!

2026 ජුනි 23 – ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමෙන් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කළ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කරනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන් අතර, එම සිරදඬුවමින් තමන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ද ප්‍රතික්ෂේප කරනු ලැබීය.

2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කර තිබූ අතර, එය අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනය ප්‍රතික්ෂේප වීමත් සමග එම සිරදඬුවම බලාත්මක වනු ඇත. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka