gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“කාලය ඉතා සීමිතයි-වහාම මේ ඉල්ලීමට ඉඩ දෙන්න” - සලේගේ බිරිඳගෙන් ශානිට හදිසි ලිපියක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව භාරයේ සිටිමින් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ වනා මනෝරි සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර වෙත හදිසි ලිපියක් යොමුකර ඇත.

පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.

‘විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙත නීතිමය ප්‍රවේශය/හමුවීම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින හදිසි මානුෂීය ඉල්ලීමයි

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සල්ලේගේ බිරිඳ ලෙස, මම ඉතා බර වූ හදවතකින් සහ දැඩි කනස්සල්ලෙන් යුතුව ඔබ වෙත මෙම ලිපිය ලියමි.

පසුගිය 2026 ජූනි මස 6 වැනිදා සිදුකළ පවුලේ හමුවීමකදී, මගේ පුතා සහ මගේ මස්සිනා (සැමියාගේ සහෝදරයා) මගේ සැමියාව දැක ඇත්තේ අපව දැඩි සේ කම්පනයට හා බියට පත් කරවන සුලු තත්ත්වයකිනි. ඔහු ශාරීරිකව බෙහෙවින් දුර්වල වී, මානසිකව වැටී, පැහැදිලිවම දැඩි පීඩාවකින් පසුවන බව පෙනෙන්නට තිබී ඇත. ඔහු ආහාර, ජලය, ඖෂධ සහ වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කර ඇති බව අපට දැනගන්නට ලැබිණි. වඩාත්ම කනගාටුවට කරුණ නම්, ඔහු සියලු බලාපොරොත්තු අත්හැර දමා තම මරණය ආසන්න බව විශ්වාස කරන ස්වරූපයකින් කතාකිරීමයි.

ඔහු එවැනි අයුරින් කතා කරනු ඇසීමෙන් ඇති වන වේදනාව ඔහුගේ බිරිඳ ලෙස මට වචනයෙන් විස්තර කළ නොහැක. අපගේ පවුලේ සැවොම ඔහුගේ ජීවිතය සහ යහපැවැත්ම පිළිබඳව දැඩි සේ කනස්සල්ලට පත්ව සිටිති. ඔහු තමන්ට වඩාත්ම සුදුසු කුමක්දැයි නිවැරදිව තක්සේරු කිරීමට හෝ තමන්ගේ යහපත උදෙසා තීරණ ගැනීමට හැකි මානසික මට්ටමක දැනට පසුවන්නේ නැතැයි අප බියවෙමු.

මගේ සැමියාව ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඔහු දැනට ප්‍රතිකාර ලබමින් සිටින බවත් මම දනිමි. ඇත්ත වශයෙන්ම, ඔහුව ඇතුළත් කිරීමෙන් පසු මට සහ මගේ දරුවන්ට කොළඹ ජාතික රෝහලේදී යම් දුරක සිට ඔහුව දැක ගැනීමට අවසර ලැබිණි.

එයින් අපට යම් සහනයක් ලැබුණ ද, ඔහුගේ වත්මන් මානසික තත්ත්වය සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අඛණ්ඩව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මම තවමත් දැඩි ලෙස කනස්සල්ලෙන් පසුවෙමි.

මෙම තත්ත්වය යටතේ, මගේ සැමියාව නියෝජනය කරන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දුට සහ නීතිඥ අසිත සිරිවර්ධනට, අත්‍යවශ්‍ය හදිසි කරුණක් ලෙස රෝහලට ගොස් ඔහුව හමුවීමට අවසර ලබාදෙන ලෙස මම ගෞරවයෙන් හා දැඩිව ඉල්ලා සිටිමි.

ඔවුන්ගේ පැමිණීම මගේ සැමියාට නැවතත් ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමටත්, ඔහුට ඇති නීතිමය මාර්ග පිළිබඳව වටහා ගැනීමටත්, ඔහු ආරම්භ කර ඇති ‘මාරාන්තික උපවාසය’ අත්හැරීමට ඔහුව පොළඹවා ගැනීමටත් උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම තීරණාත්මක මොහොතේදී ඔහුට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව, ඔහුගේ නීතිමය නියෝජිතයන්ට පමණක් ලබා දිය හැකි ආකාරයේ සහතිකයක් සහ මඟපෙන්වීමක් ද අවශ්‍ය වේ.

මෙම ඉල්ලීම සම්පූර්ණයෙන්ම මානුෂීය පදනමක් මත සිදුකරන්නක් බව පැහැදිලි කිරීමට මම කැමැත්තෙමි. මෙම යෝජිත හමුවීම සිදුවනුයේ අදාළ වෛද්‍යවරුන්ගේ අනුමැතිය ඇතිව සහ ඔවුන් අවශ්‍ය යැයි සලකන ඕනෑම කොන්දේසියකට යටත්ව පමණි.

මෙහි එකම අරමුණ මගේ සැමියාට ශක්තියක් වීම, ප්‍රතිකාර සඳහා සහයෝගය දීමට ඔහුව දිරිමත් කිරීම සහ ඔහුගේ ජීවිතය රැකගැනීමට උදවු කිරීමයි.

මෙවැනි තත්ත්වයක් යටතේ මගේ සැමියා විඳින දුක් ගැහැට දෙස බලා සිටින බිරිඳක ලෙස, මම ඔබගේ කරුණාව සහ අවබෝධය ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කාලය ඉතා සීමිතය. අර්ථවත් මැදිහත්වීමකින් තොරව ගෙවී යන සෑම පැයක්ම ඔහුගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ අප තුළ ඇති බිය තව තවත් වැඩි කරයි.

එබැවින්, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දුට සහ නීතිඥ අසිත සිරිවර්ධනට අද දිනම කොළඹ ජාතික රෝහලේදී මගේ සැමියාව හමුවීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මම නිහතමානීව ඉල්ලා සිටිමි.

මෙම ඉල්ලීම කෙරෙහි ඔබගේ කඩිනම් සහ සුහද අවධානය යොමු වනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි.’
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka