gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් නැතිව UNP යක් නෑ! සජිත් නැතිව SJBයක් නෑ! අන්තිම තීන්දුව ගන්න දෙන්නටම කාලය ඇවිත්!

කවුරු මොන බයිලා ගැහුවත් මේ මොහොතේ භූමියේ දේශපාලනයේ රනිල් වික්‍රමසිංහ නොමැතිව එජාපයක් පවතින්නේ නැති අතරම, සජිත් ප්‍රේමදාස නොමැතිව සජබයක් පවතින්නේද නැත. දෙවැනි පෙළ නායකයො, මං පොර නායකයො, ඩීල් නායකයො මොන කතා කිව්වත් සත්‍යය එයයි. 

හොඳම උදාහරණය සරත් ෆොන්සේකා සහ චම්පික රණවකයි. ෆොන්සේකා කියන්නෙ එජාපයේ සහ සජබයේ සිටින විට ගම්පහින් පමණක් ලක්ෂය ඉක්මවා ඡන්ද ලබාගත් පුද්ගලයෙකි. නමුත් ජනාධිපතිවරණයේදී තනිව ඉල්ලා ලංකාවෙන් ඡන්ද 5000ක් නෑ.

චම්පික යනු සරත් ෆොන්සේකා තරම්වත් පොදු පිළිගැනීමක් තනිව ගොඩනගාගත් පුද්ගලයකු නොවේ. චම්පික කවදා හෝ ඔහුගේම පක්ෂෙකින් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවහොත් ඔහු ලංකාවෙන්ම ඡන්ද 4000ක්වත් ගන්නේ නැත. භූමියේ සත්‍ය එයයි.

සජිත් ප්‍රේමදාස දේශපාලනයට එද්දි ඔහුට වයස 33යි. තරුණ ජවයත්, ඉවසිලි නොමැතිකමත් නිසා ඔහුගෙන් එජාපයට නොවිය යුතු දේවල් වුණා. හැබැයි සජිත් දේශපාලනය පටන්ගද්දි රනිල් දේශපාලනයේ පමණක් වසර 23ක අත්දැකීම් තිබූ, දේශපාලන යෝධයන් සමග ඉතිහාසයේ අභියෝගාත්මකම දශක දෙකක අත්දැකීම් තිබූ අවුරුදු 52ක පරිණත නායකයෙකි.

තරුණයන්ගේ ජවසම්පන්න කකියන ලේ මතින් ගන්නා තීන්දු ගැන හොඳ කියවීමක් රනිල්ට තිබුණා. ඒ නිසාම කාලය එනතෙක් ඔහු ඉවසීමෙන් වැඩ කළා. දැන් රනිල්ට 78ක්. සජිත්ට 59ක්.

ඔබ දෙපළගේම නායකත්වය නොමැතිව මේ රටේ නැවතත් කොළ පාට සශ්‍රීක යුගයක් ඇති කිරීම සිහිනයකි. ජන පදනමක් නැති ඔබ දෙපළ සහ පක්ෂ දෙක නිසා මනාප ලබාගන්නා පුද්ගලයන්ගේ කකුලෙන් ඇදීම්වලට හසු නොවී දැන්වත් නායකයන් දෙදෙනා තනිව සාකච්ඡා කොට තීරණය පාක්ෂිකයන්ට ලබාදෙන්න.
පාක්ෂිකයන් සියල්ල ඔබ දෙපළගේ තීරණයට 100%ක් කැමැත්ත පළකරනු ඇත.

මේ අවසන් අවස්ථාව විය හැකිය. ඉතිහාසයේ සිදුවූ අත්වැරදීම් සියල්ල හරිගස්සාගෙන කොළපාට සශ්‍රීක කඳවුර නැවතත් මේ රටේ ඉහළටම ඔසවා ගැනීමේ අවසන් අවස්ථාව මගහැර නොගනු ඇතැයි අප සිතමු.

නැවත නැවතත් කියන්නේ මේ ගොබ්බ ආණ්ඩුව පලවා හැරීමට විපක්ෂය තුළ රනිල් – සජිත් සුසංයෝගයට අලගු තබන්නවත් නායකයන් නැත.
කාලය සීමිතයි. තීරණය ඔබ දෙපළ සතුයි. මේ ඔබේත්, දක්ෂිණාංශික කඳවුරේත්, රටේත් අවසාන අවස්ථාවයි..

Ruwin Fernando
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka