gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පරිවර්තන කමිටුව දැම්ම හේතු හොයන්න ICC උප සභාපති ලංකාවට අවිත්!

ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ විසින් පත් කරන ලද ක්‍රිකට් පරිවර්තනීය කමිටුව ගැන සොයාබැලීම සඳහා අයිසීසී උප සභාපති ඉම්රාන් කවාජා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු සිකුරාදා ක්‍රීඩා ඇමතිවරයා හමුවී ඔහුගෙන් මෙහි අරමුණු ගැන කරුණු විමසා ඇති අතර අද( 16 ) ලංකාවට පැමිණීමට නියමිත තවත් අයිසීසී නියෝජිතයකු සමග සඳුදා ක්‍රිකට් පරිවර්තනීය කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න ඇතුළු එහි සෙසු සාමාජිකයන් සමග සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් ඔවුන් මෙම කමිටුව සඳහා අනුමැතිය ලබා දීමට නියමිත අතර එහි කාල සීමාව මාස තුනකට සීමා කිරීමටත් ඊට පසු සාමාජිකයන් කැඳවා මහා සභා රැස්වීමක් පවත්වන ලෙසත් දන්වනු ඇතැයි වාර්තා වේ.

ක්‍රිකට් පරිවර්තනීය කමිටුවද හැකි ඉක්මනින් චිත්‍රසිරි කමිටු වාර්තාවට සංශෝධන එක් කර ඒ අනුව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka