gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ත්‍රිත්ව ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ හිස කපා සුගලා දේවියගේ දෑත් මත තබලා - අම්බලන්තොට කැලඹූ ඝාතනය

ඊයේ රාත්‍රී කාලයේදී අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙල ශරීරයෙන් වෙන් කොට එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා ඇති බවට ලද තොරතුරක් මත අම්බලන්තොට පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්බ කර ඇති බවට පොලිස් ආරංචී මාර්ග සදහන් කොට ඇත.

ඊයේ (11 ) රාත්‍රීයේ දී මරණකරුගේ නිවසට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු තියුණු ආයුධයකින් ඔහුගේ ගෙල කපා රැගෙන ගිය බවට පොලිස් විමර්ශණ වලදී අනාවරණයවී ඇති බවට වැඩිදුරටත් සදහන් කොට ඇත. 

මෙසේ ඝාතනය වී ඇති පුද්ගලයා මීට පෙර මාමඩල ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධව  සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත වී ඇප ලබා ඊයේ දින නිවසට පැමින සිටි පුද්ගලයෙක් බවට තොරතුරු අනාවරණයවී ඇත.

මියගිය පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි. ආර්. බී. නෙළුම්දෙනියගේ ප්‍රධානත්වයෙන් සිදුකොට ඇත.

මීට අමතරව මෙලෙස ඝාතනයවූ සැකකරු (මරණකරුගේ) නිවසේ ඉදිරිපිට පතුරම් තුවක්කුවක් වැටී තිබී සොයාගත් බවට පොලිස් ආරංචී මාර්ග සදහන්කොට ඇත
සිද්ධිය සිදුවන අවස්ථාවේ මියගොස් සිටි පුද්ගලයාගේ මාමණ්ඩියද නිවසේ සිට ඇති අතර, පැමිණ සිටි අය සමග පොර බැඳීම හේතුවෙන් ඔහුට ද කැපුම් තුවාල සිදුවී රෝහල් ගත කර ඇති බවටද වාර්ථාවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka