gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොංග‍්‍රසයට වංගුවක් දමා ඉරානයට යලි ප‍්‍රහාර මාලාවක්!

ඉරානය සමඟ පැවති යුධමය තත්ත්වය මේ වන විට ‘අවසන්’ වී ඇති බැවින්, ඉදිරි හමුදා ක්‍රියාමාර්ග සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ට්‍රම්ප් පරිපාලනය විශ්වාස කරන බව එසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කරයි.

1973 වසරේ පැනවූ ‘යුධ බලතල පනත’ අනුව, කොංග්‍රස් මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව ජනාධිපතිවරයෙකුට හමුදා මෙහෙයුමක් දියත් කළ හැක්කේ දින 60 ක කාලයකට පමණි. එම කාලසීමාව අවසන් වීමට ආසන්නව තිබියදී ධවල මන්දිරය මෙම ස්ථාවරය ප්‍රකාශ කර ඇත.

ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ පෙබරවාරි 28 වනදා ආරම්භ වූ සතුරු ක්‍රියාමාර්ග මේ වන විට අවසන් වී ඇති බවයි. අප්‍රේල් 07 වනදා තෙහෙරානය සහ වොෂින්ටනය අතර ඇති වූ සති දෙකක සටන් විරාමය මේ වන විට දින නියමයක් නොමැතිව දීර්ඝ කර ඇති බැවින්, නීත්‍යානුකූලව යුද්ධය අවසන් වී ඇති බව ඔවුන්ගේ තර්කය වී තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා සෙනෙට් මණ්ඩලයේ පැවති සාකච්ඡාවකදී යුධ ලේකම් පීට් හෙග්සෙත් මහතා ද මෙම මතය තහවුරු කළේය. සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමඟ ගැටුම් ‘විරාමයක’ පවතින බවත්, ඒ අනුව දින 60 ක කාලසීමාව ගණනය කිරීම ද තාවකාලිකව නතර වී ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් සෙනෙට් සභික ටිම් කේන් ඇතුළු නීති විශේෂඥයන් මෙම තර්කය ප්‍රතික්ෂේප කරති. ඔවුන් පවසන්නේ යුධ බලතල පනත යටතේ පවතින දින 60 සීමාව එලෙස ‘විරාම ගැන්වීමට’ හෝ ‘අවසන් කිරීමට’ නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි. මෙය කොංග්‍රස් අනුමැතිය මඟහැරීමට රජය ගොඩනඟන අලුත් සහ නීතිමය පදනමක් නොමැති තර්කයක් බව ඔවුහු පෙන්වා දෙති.

ජාතික ආරක්ෂක මණ්ඩලයේ හිටපු නිලධාරියෙකු වන රිචඩ් ගෝල්ඩ්බර්ග් වැනි උපදේශකයන් පවසන්නේ, පවතින ගැටුම අවසන් වූ බව පවසා පසුව නව මෙහෙයුමක් ආරම්භ කිරීම හරහා කොංග්‍රස් අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාව මඟහැරිය හැකි බවයි.

මේ අතර, සටන් විරාමයක් පවතින පසුබිමක පවා වොෂින්ටනය මැද පෙරදිග කලාපයට අතිරේක හමුදා සහ යුධෝපකරණ රැගෙන ඒම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇත. 

මේ වන විට ගුවන් යානා වාහක නෞකා කණ්ඩායම් තුනක් ඇතුළු ප්‍රබල නාවික හමුදා බලඇණි කලාපයේ ස්ථානගත කර තිබීම, මෙම සටන් විරාමය නැවතත් ප්‍රහාර ආරම්භ කිරීම සඳහා ලබාගත් කෙටි විරාමයක් දැයි බොහෝ පාර්ශ්ව සැක පළ කරති.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka