gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැඩවර්ජන දිනයේ බිළිදෙකු මිය යෑම නිසා ත්‍රීමලේ වෛද්‍යවරු 2 දෙදෙනෙකුගේ වැඩ තහනම් – එක් වෛද්‍යවරයෙක් GMOA ත්‍රීමලේ සභාපති බව හෙළිවෙයි!

පසුගිය අප්‍රේල් 09 දා වෛද්‍ය වැඩවර්ජනයක් පැවති දිනක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලේ උපතේදී බිලිඳකු මියයෑම සම්බන්ධයෙන් එම රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

වැඩ තහනමට ලක් වූ විශේෂඥ වෛද්‍යවරයා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපතිවරයා වේ.

වැඩ වර්ජනයදා බිලිඳු මරණය මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ අතර ඒ සම්න්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් සිදුකර වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ තහනමට ලක් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

බිලිඳාගේ ඇති වූ හදිසි තත්ත්වයක් සම්බන්ධයෙන් වාට්ටු භාර වෛද්‍යවරිය අවස්ථා හයකදී දුරකථනයෙන් වැඩ තහනමට ලක් වූ වෛද්‍යවරුන් දෙදෙනා දැනුවත් කර ඇතත් ඔවුන් සූතිකාගාරයට පැමිණ නැති බව විමර්ශනයේදී සැලකිල්ලට ගෙන ඇත. එසේ දැනුවත් කර සිටියදීත් නොපැමිණීමෙන් රාජකාරිය පැහැර හැරීම, මවගේ කුසේ සිටි දරුවාට අනතුරක් සිදුවීමට ඉඩහැරීම හා එම කාලය තුළදීම ආසන්න පෞද්ගලික රෝහලක වෙනත් මවකගේ සිසේරියන් සැත්කමක් සිදු කිරීමට සහභාගි වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මොවුන්ගේ වැඩ තහනම් කිරීම සිදු කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka