ඉහලම ලේකම් වරයෙකුට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි
රාජ්‍ය සේවයේ ඉහළම මට්ටමේ ලේකම් ධුරයක් දරන පරිපාලන නිලධාරියකුට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස රජය විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
මෙම නිලධාරියා මීට පෙර කිසිදු අමාත්‍යාංශයක ලේකම් ධුරයක් දරා නොමැති අතර, කනිෂ්ඨ රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී වත්මන් පාලනය යටතේ සෘජුවම රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක් සඳහා පත් කරනු ලැබූවකි.
කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන ඔහු පසුව ආචාර්ය උපාධියක් ද ලබාගෙන ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, අදාළ තනතුරේ වගකීම් ඉටු කිරීමේදී අපේක්ෂිත මට්ටමේ කාර්යක්ෂමතාවයක් නොපෙන්වීම, පරිපාලන සේවා පළපුරුද්දේ මදිකම සහ ඔහුට එරෙහිව එල්ල වී ඇති තවත් චෝදනා කිහිපයක් මුල් කරගනිමින් රජය මෙම තීරණයට එළඹ ඇතැයි පැවසේ.
ඒ අනුව ඔහුව වත්මන් ලේකම් ධුරයෙන් ඉවත් කර, විදේශයක තානාපති තනතුරක් සඳහා පත් කිරීමට නියමිත බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
මේ අතර, පුරප්පාඩු වන එම ලේකම් ධුරය සඳහා එම අමාත්‍යාංශයේම දැනට අතිරේක ලේකම් තනතුරක් දරන, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ බහුල අත්දැකීම් සහිත නිලධාරියෙකු පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
නව ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත මෙම නිලධාරියා, පසුගියදා දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේදී රජයේ සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ අයෙකු බව ද වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
ඉහලම ලේකම් වරයෙකුට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි
2026-05-19T11:26:00+05:30
Gossip Lanka Hot News






