gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගැහැණු පිරිමි ලිංගිකත්ව මාරු කරන සැත්කම් කාසල් ඇතුළු රජයේ රෝහල්වල - ඇල්ලේ ගුණවංශ හිමි

කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රජයේ රෝහල් කිහිපයක ගැහැණු දරුවන් පිරිමි දරුවන් බවට පත් කිරීමේ ලිංග විපර්යාස ශල්‍යකර්ම සිදු කෙරෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

හිරු රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව අනාවරණය කළහ.

මෙම ශල්‍යකර්ම රජයේ රෝහල් තුළ නොමිලයේ, මහජන බදු මුදල් වැය කරමින් සිදු කරන බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.

තමන් වෙත පැමිණි වෛද්‍යවරුන් පිරිසක් මගින් මෙම තොරතුරු අනාවරණය වූ බවත්, ඒ පිළිබඳව සොයා බැලීමේදී කාසල් වීදිය රෝහලට අමතරව තවත් රජයේ රෝහල් කිහිපයකම මෙම කටයුතු සිදුවන බව දැනගන්නට ලැබුණු බවත් උන්වහන්සේ පැවසූහ.

මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ සඳහන් කළහ.

"මෙහෙන් යනවා මෙහෙ මූලික කටයුතු කරගෙන ඉන්දියාවට යනවා. ඉන්දියාවට ගිහිල්ලා ඒ කටයුතු අවසන් කරාම එහේ මේ ඉජෙක්ෂන් එකක් ගහන්න ඕනලු ඊට පස්සේ දිගට හෝමෝන් එකක්. ඉතින් ලක්ෂ 20ක් විතර යනවලු ඒකට."

මෙම තත්ත්වය රටේ අනුමත දෙයක් ලෙස සිදුවන බව පෙනෙන්නට තිබෙන බවත්, මෙය ජාත්‍යන්තර බලපෑම් මත සිදුවන්නක් විය හැකි බවත් උන්වහන්සේ සැක පළ කරති.

දරුවන් විසින් මවුපියන්ට වැඳීම ප්‍රතික්ෂේප කිරීම වැනි සමාජීය විපර්යාසයන් ද මෙවැනි පසුබිමක නිර්මාණය වෙමින් පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka